07වැනි නාවික හමුදාධිපති දැයෙන් සමු ගනියි . . .

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර ඊයේ (17) අභාවප්‍රාප්තවී තිබේ.

1951 වර්ෂයේ ජූලි මස 23 වන දින රාජකීය ලංකා නාවික හමුදාවේ උපන් ලුතිනන් වරයෙක් ලෙස අධිකාරියට පත්ව ඇති මෙතුමා 1973 ජුනි මස 01 වන දින සිට 1979 මැයි මස 31 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති ලෙස කටයුතු කර ඇත.

1929 වර්ෂයේ දී උපත ලබා ඇති දැයෙන් සමුගත් අද්මිරාල් බැසිල් ගුණසේකරගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා 2024 පෙබරවාරි මස 18 වැනිදා දක්වා අංක 50/06, අනුලා මාවත, කොළඹ 06 පිහිටි නිවසේ තැම්පත් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ නාවික හමුදා ගෞරව හා උත්තමාචාර සහිතව අද (18) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එළවළු පහළට, බිත්තර ඉහළට . . .

Mon Feb 19 , 2024
වෙළෙඳපොළේ එළවළු මිල අඩුවී තිබුණ ද බිත්තරයක සිල්ලර මිල රුපියල් 70 දක්වා ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ, පසුගිය කාලයේදී රුපියල් 3,000ක්වූ කැරට් කිලෝවක් ඊයේ (පෙබ. 18) වනවිට වෙළෙඳපොළේ රුපියල් 500ක් දක්වා පහළ බැස ඇති බව ත් බෝංචි කිලෝවක් රුපියල් 550, ගෝවා රුපියල් 300, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x