සමූහ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට . . .

පසුගිය සදුදා (22) බෙලිඅත්තේ දී පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු සහ අපරාධය සඳහා යොදා ගත් වාහනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ, 54 හැවිරිදි සැකකරු ඝාතනයට පැමිණි වාහනයේ රියදුරා ලෙස මෙම අපරාධය සැලසුම් කර ඇති බවටයි.

ඔවුන් පැමිණි අංක 65–2615 දරණ ජීප්රථය ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබියදී පොලිසිය සොයාගෙන තිබුණි.

මාතර කොට්ඨාස භාර නිළධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලිසිය සැකකරන්නේ ඝාතනයෙන් අනතුරුව එම ජීප්රථය හක්මණ, කඹුරුපිටිය, අකුරැස්ස, යක්කලමුල්ල හරහා ගාල්ලට පැමිණි බවටය.

අපේ ජන බල පක්ෂයේ නායක ඇතුළු පිරිස තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් සඳහා පෙනිසිටීමට යන අතරතුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ දී පෙරේදා වෙඩි තබා ඝාතනය කර තිබුණි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අවලෝකිතේශ්වර කියූ අයට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි . . .

Wed Jan 24 , 2024
අවලෝකිතේශ්වර බෝධිසත්ව නමින් පෙනී සිටි පුද්ගලයාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ මනෝ වෛද්‍යවරයා විසින් අධිකරණයට වාර්තා කර තිබේ. එහිදී මෙම සැකකරු ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය. මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබීය. ඒ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x