දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය අදයි . . .

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂිකව පැවැත්වෙන සතර මහා මංගල්‍යයන්ගෙන් එකක් වන අලුත් සහල් මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව අද (25) පෙරවරුවේ දළදා මාලිගාවේදී පැවැත්වෙයි.

සතර මහා මංගල්‍යයන්ගෙන් සෑම වසරකම ප්‍රථමයෙන් අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන අතර එහිදී දළදා මාළිගාවට අයත් කුඹුරුවලින් නෙළා ගන්නා ප්‍රථම අස්වැන්න පෙරහරින් දළදා මාළිගාව වෙත රැගෙනවිත් දළදා සමිඳුන් උදෙසා පූජා කිරීම සිදු කෙරෙයි.

සෑම වසරකම දුරුතු පුන් පොහෝ දින අලුත් සහල් මංගල්‍යය පැවැත්වීම රජ සමයේ සිට පැවැත එන චාරිත්‍රයකි.

අලුත් සහල් මංගල්‍යයෙන් ආරම්භ වන ශ්‍රී දළදා මාළිගාවේ සතර මහා මංගල්‍යයන්ට අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය අයත් වෙයි.

අලුත් සහලින් පිසින ලද බුද්ධ පූජාව තේවාව භාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් දියවඩන නිලමේවරයාගේ සහභාගිත්වය ඇතිව දළදා සමිඳුන්ට පූජා කිරීම මෙහි දී සිදු කෙරෙයි.

  • අසේල කුරුළුවංශ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කාමාතුරයන්ට දඬුවම් වැඩි කරන්න නීතිය වෙනස් කරයි . . .

Thu Jan 25 , 2024
දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත් ස්ත්‍රී දූෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහාත් පිරිමි ළමයින් දූෂණය කිරීම සාපරාධී  ක්‍රියාවක් බවට පත්කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන හඳුන්වාදීම පිණිස 2021-1-18 සහ  2121-6-28 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x