කාමාතුරයන්ට දඬුවම් වැඩි කරන්න නීතිය වෙනස් කරයි . . .

දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත් ස්ත්‍රී දූෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහාත් පිරිමි ළමයින් දූෂණය කිරීම සාපරාධී  ක්‍රියාවක් බවට පත්කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන හඳුන්වාදීම පිණිස 2021-1-18 සහ  2121-6-28 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි අතපත්තු . . .

Thu Jan 25 , 2024
චමරි අතපත්තු 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබේ. පසුගිය වසරේදී එක්දින පිටියේ ඇය දැක්වු දක්ෂතා සැලකිල්ලට ගිනිමින් මෙම නම්කිරීම සිදුකර ඇති බව සඳහන්ය. 2023 වසරේදී එක්දින තරග 08කට සහභාගීවී ඇති චමරි අතපත්තු ලකුණු 415ක් රැස්කරගෙන තිබේ. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x