අපට දිගටම නිවන් සුව ප්‍රාර්ථනා කරන්න . . .

“ජනතාවට පුළුවන් තරම් කියන්නේ අපිට නිවන් සුව ප්‍රර්ථනා කරන්න කියලා” යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන පැවසීය.

සමාජ මාධ්‍ය හරහා තමා ඇතුළු දේශපාලඥයන්ට නිවන් සුව ප්‍රර්ථනා කිරීම කිසිම මොහොතක නතර කරන්න යැයි නොපවසන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පෙරේදා (24 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් හෙතෙම මෙසේද කීය.

“ගෙවල් ගිනි තියන්න සෙට් වුණේ සමාජ මාධ්‍යවලින්. මම දැක්කා චන්ද්‍රසේනගේ නිවස ගිනි තියන්න හය වෙනකොට අනුරාධපුර බස් නැවතුම්පොළට එකතු වෙන්න ඕන කියලා දාලා තිබුණා. ඒ වගේම 7 වෙනකොට යන්න ඕන කිව්වා. ඒ දවස්වල සමාජ මාධ්‍ය තුළ තිබු​ණේම නිවන් සුව කියලමයි. ඒ වගේම නාකි මයිනා කියලා පෝස්ට් දැම්මා. ඒ වගේ අසෝබන විදියටනේ මේක භාවිත කරන්නේ.’’

  • චාමර පල්ලේගෙදර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සෞදියේ මත්පැන් සැලක් . . .

Fri Jan 26 , 2024
වසර 70කට වැඩි කාලයකට පසු සෞදි අරාබිය තුළ මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මෙය මුස්ලිම් නොවන රාජ්‍ය තාන්ත්‍රික විදේශිකයින් හට පමණක් සීමාවන මත්පැන් අලෙවිසැලක් වන අතර එය රියාද් නගරයේ දී විවෘත කිරීමට නියමිතය. එරට සේවය කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වසර ගණනාවක් පුරාවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x