අපරාධ රැල්ලට VIP සුපිරි වාහන . . .

මේ වනවිට ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින අපරාධ රැල්ලට අදාළ බොහෝ ප්‍රවාහන කටයුතු VIP (ප්‍රභූ) වාහන විශාල වශයෙන් යොදා ගන්නා බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පසුගිය මාස දෙකක පමණ කාලය තුළ මත්ද්‍රව්‍ය, අවි ආයුධ, සන්නද්ධ ඝාතක කල්ලි, හෝ නිරායුධ ඝාතකයන් ආදී වශයෙන් කාණ්ඩ 4ක් යටතේ ප්‍රවාහනය සඳහා ප්‍රභූ වාහන යොදා ගෙන තිබේ.

මෙම අපරාධ කල්ලි විසින් පෑලියගොඩ අධිවේග පිවිසුම් මාර්ගයේදී පොලිස් නිලධාරියා ඝාතනය කිරීම මේ වනවිට මුලුමනින්ම යටපත් කර තිබේ. එමෙන් ම වැලිගම හෝටලයක් අසළදී සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීම සහ ඔවුන්ට නිල පොලිස් ජීප් රියක් තුළ සිට වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු මියයාම තවත් පොලිස් නිලධාරියෙකු අසාධ්‍ය තත්වයේ පසුවීම දක්වා අභිරහස් රැසක් පසුගිය මාස දෙක තුළ පොලිසිය සම්බන්ධයෙන් ද වර්ධනය වී ඇති බව හෙළි වී තිබේ.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙලිය පත් කල හම්දානි ඉල්ලා අස්වේ . . .

Sat Jan 27 , 2024
වෛද්‍ය අන්වර් හම්දානි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙයි. ඔහු එම සභාවේ සාමාජිකත්වය සදහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් පත් කරන ලද සාමාජිකයන්ගෙන් සිව් දෙනාගෙන් කෙෙනකි. කෙසේ වෙතත් එම පත් කිරීම දෝෂ සහිත බව වෛද්‍ය සංගම් විසින් පෙන්වා දී තිබේ. lanka C news

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x