අභයාරාමයට උදව් කළේ රනිල් විතරයි . . .

සම්බද්ධ ශාසනයේ උන්නතිය මෙන්ම රටවැසි ජනතාවගේ යහපත වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කරන සෑම කටයුත්තකටම මහා සංඝරත්නයේ සහාය හිමි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවැසූහ.

අභයාරාමය යනු දේශපාලනඥයින් නිතර යන එන තැනක් වුවද දේශපාලනඥයකු සහ රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් කළේ ජනපති රනිල් පමණක් බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.

වෙනත් කිසිම දේශපාලනඥයකු අභයාරාමයට උදව් කර නැති බව තමා පැහැදිලිව කියන බවද ආනන්ද හිමියෝ පැවැසූහ.

මුරුත්තෙට්ටුවෙි ආනන්ද නා හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වුණ දානමය පුණ්‍යකර්මයෙන් අනතුරුව නාහිමියෝ මේ බව කීහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ,අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලි‍මේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මෛත්‍රී - චන්ද්‍රිකා සුසංයෝගයෙන් අලුත් සංධානයක් . . .

Sat Jan 27 , 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යෝජනා කර ඇති බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. නව සන්ධානයද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම යෝජනා වී ඇති බවද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x