චමින්දට මාදිවෙලින් යන්න කියයි . . .

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ  නිවාසයෙන්  ලබන මස 10 වැනිදාට පෙර ඉවත්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් සමගි ජනබලවේගයේ  බදුලු  දිස්ත්‍රික්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  චමින්ද විජේසිරි ට දැනුම්දී ඇත.

චමින්ද විජේසිරි පෞද්ගලික හේතුවක් මත  සිය මන්ත්‍රී ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

මන්ත්‍රීවරයකු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වූ පසු  මාදිවෙල මන්ත්‍රී නිල  නිවාස සංකීර්ණයෙන් ඉවත්වීමට මාසයක කාලයක්   දෙන්නේය. ඉන් අනතුරුව ඔහු එම නිවාසයෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු ප්‍රධානීහු  පෙන්වා දෙති.

චමින්ද විජේසිරි වසර ගණනාවක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ජීවත් වූයේය.

මේ අතර චමින්ද විජේසිරි ඉල්ලා අස්වීමෙන් පත්වූ  නයන  වාසලතිලක නවක මන්ත්‍රීවරයා මන්ත්‍රීවරුන්ට ලැබෙන පහසුකම් කිසිවක් තවමත් ඉල්ලීම් කර නැතැයි වාර්තාවේ.

දැනට ඔහු ලබාගෙන ඇත්තේ මන්ත්‍රී ධූරය සඳහා අවශ්‍ය කෙරෙන සේවා උපදෙස් පත්‍රිකා පමණි.

වාසලතිලක කෝටිපති ව්‍යාපාරිකයෙකි.

කොළඹින් ඈත දුර බැහැර මන්ත්‍රීවරුන් සියලු දෙනාට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන්  නිවාස හිමිවේ.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අපරාධ රැල්ලට VIP සුපිරි වාහන . . .

Sat Jan 27 , 2024
මේ වනවිට ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින අපරාධ රැල්ලට අදාළ බොහෝ ප්‍රවාහන කටයුතු VIP (ප්‍රභූ) වාහන විශාල වශයෙන් යොදා ගන්නා බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පසුගිය මාස දෙකක පමණ කාලය තුළ මත්ද්‍රව්‍ය, අවි ආයුධ, සන්නද්ධ ඝාතක කල්ලි, හෝ නිරායුධ ඝාතකයන් ආදී වශයෙන් කාණ්ඩ 4ක් යටතේ ප්‍රවාහනය සඳහා ප්‍රභූ වාහන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x