සල්ලි නෑ . . . පර්මිට් නෑ . . .

පාර්ලිමේන්තුවේ  මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක්  විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි  පාර්ලිමේන්තු  ආරංචි මාර්ගවලින් පැවසේ.

මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ  විශාල මුදලක් වැය කරමින් බවත් බොහෝ අය මෙම වියදම්වූ මුදල ආවරණය කරගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන  වාහන බලපත්‍රයෙන් බවත් පැවසේ.

වාහන බලපත්‍රය තාවකාලිකව නතර කිරීම නිසා ඡන්ද වියදම් සඳහා මුදල් සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි මන්ත්‍රීවරු පෙන්වා දෙති.

ඡන්දෙට  කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත්  මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අප සමග පැවසූහ.

මන්ත්‍රීවරුන්ට මෙයට පෙර දුන් වාහන බලපත්‍රයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට වැඩිය.

රටේ ආර්ථික තත්වය හේතුවෙන්  මන්ත්‍රීවරුන්ට  වාහන බලපත්‍රය ලබාදීම සඳහා මුදල් වෙන් කිරීම මුදල් අමාත්‍යාංශය විසින් තාවකාලික අත්හිටුවනු ලැබීය.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර මන්ත්‍රීවරුන් විශාල පිරිසක්  මන්ත්‍රී සේවා අංශයට පැමිණ  වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.

මේ අතර අධික ඉන්ධන මිල  හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තුවට  සහ විවිධ උත්සව වලට සහභාගිවීමද  සීමා කර ඇතැයි වාර්තාවේ.

පසුගිය කාලයේ ඇතිවූ විවිධ සිද්ධීන්වලින් කලකිරීමට පත්වුණු මන්ත්‍රීවරු පිරිසක්ද  ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත. ඉන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු වෙති.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ ගැටලු කතාබහ කරන පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාව මාස ගණනාවකින් රැස්වී නැතැයි වාර්තාවේ.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උතුර නැගෙනහිරට ස්වයං පාලනයක් ඕනේ . . .

Sat Jan 27 , 2024
මෙතෙක් දෙමළ ජනතාවට ලබා ගැනීමට නොහැකි වූ ජාතික විමුක්තිය ජාත්ත්‍යන්තරයේ හා දෙමළ ඩයස්පෝරාවේ සහයෙන් ලබා ගැනීම තම අරමුණ බව ඉලංගෙල් තමිල් අරසු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන්  සඳහන් කරයි. උතුර හා නැගෙනහිර පළාත් වල ජනතාවට නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් සැකසීමට නම් ස්වයං පාලන දේශපාලන විසඳුමක් අවශ්‍ය බවද හෙතෙම කියා සිටී. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x