කොළඹ වරාය නෞකා වලින් පිරී යයි . . .

කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ, රතු මුහුද ආශ්‍රිතව ඇතිවී තිබෙන අර්බුද තත්ත්වය හේතුවෙන්.

ජනවාරි මාසය තුළ වරායට නෞකා පැමිණීම සියයට 35කින් ඉහළ ගොස් ඇති බවත්, වරායේ බහාලුම් මෙහෙයුම් ද සියයට 72කින් පමණ ඉහළ ගොස් ඇති බවත් වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ.

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

නමුත් රතුමුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායේ ආදායම ඉහළ යාම පිළිබඳ සතුටට පත්විය නොහැකි බවයි විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය නම් සඳහන් කළේ.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට . . .

Mon Jan 29 , 2024
අද (29) සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. ඒ අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. ඒ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ශාන් ගනේගොඩ නැමැත්තා පටිගත කළ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ පැවැත් වූ දුරකතන සංවාදයක් පියත් නිකේෂල ඔහුගේ Youtube සමාජ මාධ්‍යයෙහි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x