ජගත් මනුවර්ණනට ජගත් සම්මානයක් . . .

22 වන ඩකා අන්තර්ජාතික සම්මාන උළෙලදී හොඳම ආසියානු සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රි ලාංකික චිත්‍රපටි අධ්‍යක්ෂක ජගත් මනුවර්ණ සමත්විය.

එම සම්මානය හිමිවූයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ” රහස් කියන කඳු” චිත්‍රපටය වෙනුවෙන් වන අතර සිය කුළුදුල් සිනමාපට අධ්‍යක්ෂණයට මෙවැනි ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වීම සුවිශේෂි කරුණකි.

ඔහුගේ මෙම චිත්‍රපටිය සඳහා පාදක වී ඇත්තේ භීෂණ සමයේ තරුණයන්ගේ අතුරුදහන්වීම හා සම්බන්ධ නිර්දය ප්‍රහසන ශානරයට අයත් අර්ධ ප්‍රබන්ධමය වෘත්තාන්තයකි. මෙවැනි තේමාවක් චිත්‍රපටියකට පාදක වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම චිත්‍රපටයේ ජගත් මනුවර්ණ, කලණ ගුණසේකර, සම්පත් ජයවීර, ධර්මප්‍රිය ඩයස්, ලක්මාල් ධර්මරත්න, සරත් කොතලාවල සහ මාදනී මල්වත්ත ඇතුළු ප්‍රවිණ නළු නිළියෝ රාශියක් රංගනයෙන් දායක වෙති.

මීට අමතරව ජගත් මනුවර්ණයන් “කොඩි ගහ යට” ටෙලි නාට්‍යද ඔහු අධ්‍යක්ෂණය කළ පළමු ටෙලිනාට්‍ය වන අතර “ගින්දර පොඩ්ඩක්” (2004) සහ වෝටර් ලිලී (2011) යන කෙටි චිත්‍රපටද නිර්මාණය කෙරිණි.

  • මහිෂා සිල්වා
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ITN සභාපති ගංකබරයෙක් . . .

Mon Jan 29 , 2024
ස්වාධීන රූපවාහිනියේ සභාපති සුලක්ෂණ ගුණවර්ධන ට ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක විසින් දැඩි චෝදනා එල්ල කරයි. ඔහු පෙන්වා දෙන්නේ ස්වාධීන රූපවාහිනී සභාපති සුලක්ෂණ ගුණවර්ධන මුලින් පෙනී සිටියේ සියලු දේට ඉඩ දෙන නියෝ ලිබරල්වාදියෙක් ලෙස වුවත් සත්‍ය වශයෙන්ම ඔහු ගංකබරයෙක් බවද හෙතෙම සඳහන් කළේය. දිසානායක මේ බව කියා සිටියේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x