පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ගුටි කෙළියක . . .

ජනාධිපති මොහොමඩ් මුයිසුගේ නව කැබිනට් මණ්ඩලයට අනුමැතිය ලබා ගැනීම සඳහා පෙරේදා මාලදිවයින පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ සැසිය අතරතුර ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අතර ගුටිබැට හුවමාරුවක සිදු වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කැබිනට් ඇමැතිවරු සිවුදෙනකුට අනුමැතිය දීම විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් කෝපයට පත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දුන් බවත්, ඉන් නොනැවතී කථානායකවරයාගේ සභාගර්භයට ඇතුළු වී ඔහුට බාධා සිදු කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මාලදිවයින පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු විපක්ෂයේ මන්ත්‍රීවරයකුට බිම දමා පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝපට සහ කථානායකවරයාට බාධා කරමින් තවත් මන්ත්‍රීවරයකු ඔහුගේ කනට කර නළාවක් නාද කරන අයුරු දැක්වෙන වීඩියෝපට මේ වන විට සමාජ මාධ්‍යජාලයේ සංසරණය වෙමින් තිබේ. පහරදීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයකු රෝහල්ගත කිරීමට සිදු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ තත්ත්වය මත පාර්ලිමේන්තු සැසිය අත්හිටුවීමට ද කථානායකවරයා පියවර ගෙන තිබේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඇමෙරිකාවේ ආයුධ අලෙවිය වැඩිවෙලා . . .

Tue Jan 30 , 2024
ඇමෙරිකාවේ ආයුධ අලෙවිය පසුගිය 2023 වසරේ ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය බවත්, රුසියන් යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල හමාස් ගැටුම ඊට හේතුව වූ බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත. පසුගිය 2023 වසරේ ආයුධ අලෙවියෙන් ඇමෙරිකාව ලැබූ මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 238 පසු කර තිබේ. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇමෙරිකන් රජය සෘජුව මැදිහත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x