සන්නස්ගල එක්ක සාකච්ඡාව කලේ ගංජා ගහලයි . . .

උපුල් සාන්ත සන්නස්ගල සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡා කළේ ගංජා භාවිතා කිරීමට ලබාදීමෙන් පසුව බව විශ්ව බුද්ධා නමින් තමන් හඳුන්වා ගන්නා පුද්ගලයා විසින් සඳහන් කර තිබේ.

ඇප කොන්දේසි කඩකිරීම මත යළි අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම කරුණු අධිකරණය ඉදිරිපත් කළේය.

‘බුදු දහමට සහ සංඝ ශාසනයට අපහාසවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනා එල්ල වී සිටින මෙම සැකකරු ඔබතුමන්ගේ අධිකරණයෙන් ඇප මත මුදා හැර සිටියදී, ඔහු යළි එම වරදම අඛණ්ඩව සිදුකර තිබෙනවා.

ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා මේ අධිකරණයේදීම සමාව ගත්තු සේපාල අමරසිංහ, උපුල් ශාන්ත සන්නස්ගල සහ මාධ්‍යවේදියෙකු සමඟ මොහු සාකච්ඡාවන්ට එක්වෙලා තියෙනවා.

උපුල් ශාන්ත සන්නස්ගල සමඟ සාකච්ඡාව කළාට පසුදින මොහු විසින්ම යළි වීඩියෝවක් පළ කරලා තියෙනවා ගංජා භාවිතා කරන්න දීලයි අදාළ වැඩසටහනට සහභාගි කරව ගත්තේ කියලා.

එබැවින් ස්වාමිනි පැහැදිලිව පෙනෙනවා මෙම තැනැත්තාගේ මානසීක තත්ත්වයේ ගැටලුවක් තියෙනවා කියලා’

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ගුටි කෙළියක . . .

Tue Jan 30 , 2024
ජනාධිපති මොහොමඩ් මුයිසුගේ නව කැබිනට් මණ්ඩලයට අනුමැතිය ලබා ගැනීම සඳහා පෙරේදා මාලදිවයින පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ සැසිය අතරතුර ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අතර ගුටිබැට හුවමාරුවක සිදු වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැබිනට් ඇමැතිවරු සිවුදෙනකුට අනුමැතිය දීම විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් කෝපයට පත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු විපක්ෂයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x