නව විදුලි සබඳතා වාරික ක්‍රමයට . . .

නව විදුලිබල සබඳතා සඳහා එකවර මුදල් ගෙවීමට නොහැකි අයදුම්කරුවන්ට වාරික වශයෙන් ගෙවීම් කිරීමට පහසුකම් දීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

2024 වසරේ විදුලිබල උත්පාදන සැලසුම, අයක්‍රමය, සේවාවන් වල වියදම්, විදුලිබල උත්පාදනය සදහා අවශ්‍ය වන ඉන්ධන වල මිල, කාලගුණික අනාවැකි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පද්ධති ඒකකය සමග සාකච්ඡාවක් විදුලිබල මණ්ඩලයේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැති අවස්ථාවේ දී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

විදුලිබල මණ්ඩලයේ සෙසු සේවා සඳහා ද වාරිකවලින් ගෙවීමේ පහසුකම් සලසන ලෙස උපදෙස් දුන් බවත් එම පහසුකම් කඩිනමින් ප්‍රකාශයට පත්කරන ලෙස දැනුම් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනතාව කෝප කළොත් මැතිවරණය ප්‍රචණ්ඩ වෙයි . . .

Thu Feb 1 , 2024
සමගි ජන බලවේගය විසින් කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාවයට ඉතා අමානුෂික ලෙස පොලිසිය විසින් පහර දීම තරයේ හෙළා දකින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. මේ මොහොතේ තාවකාලිකව පාර්ලිමේන්තුව විසින් පත්කර ගනු ලැබූ ජනාධිපතිවරයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ගේ වගකීම වන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x