අධිවේගයේ හෙමින් ගියොත් දඩ . . .

අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ දැනට අධිවේගී මාර්ගයේ වාර්තා වී ඇති අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් නියමිත වේගයට ගමන් නොකොට අඩු වේගයකින් රිය පදවන රියැදුරන් නිසා සිදුව තිබෙන බවට අනාවරණය වීමත් සමගය.

මේ අනුව දැනට පැයට කිලෝමීටර් 100ක උපරිම වේගය ඒ අයුරින්ම රඳවා ගනිමින් පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර අවම වේගයක් හඳුන්වා දීමට මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

මේ අනුව අනතුරු සිදුවිය හැකි අන්දමින් අඩු වේගයෙන් ගමන් කරන රියැදුරන්ට එම චෝදනාව මත දඩ නිකුත් කිරීමටද නියමිතය. එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් ‘අරුණ’ ට සඳහන් කළේ මේ මාසය අවසන් වීමට ප්‍රථම අවම වේග සීමාව හඳුන්වා දෙන බවය.

ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන විසින් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අවසරයද ලැබී ඇත.

  • එෆ්. අස්ලම්
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

චන්ද්‍රිකා අගමැතිකමට ? . . .

Sun Feb 4 , 2024
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද ප්‍රධානත්වයක් උසුලන නව සන්ධානයක් මේ වන විට බිහිවෙමින් තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි එම ධුරයට පත් කිරීම සඳහා මෙම නව සන්ධානය සහාය දෙනු ඇතැයි ද වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ යළි ජනාධිපති ධුරයට පත් කිරීමටත් අනතුරුව පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයට හිටපු ජනාධිපතිනිය පත්කළ යුතු බවටත් යෝජනාවක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x