කංසා වැවීමේ නීතිය හෙට කැබිනට් මණ්ඩලයට . . .

ඖෂධීය වගාවක් සේ කංසා වගාකිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට හෙට (05 වැනිදා) ඉදිරිපත් කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මෙහිදී අපනයනය සඳහා පමණක් ඖෂධීය කංසා වගාව කිරීමට නීතිගත කිරිමට නියමිතය. ඒවා අපනයනය කෙරෙන්නේ ඖෂධ නිෂ්පාදන කටයුතු සඳහා පමණක් බව ආයුර්වේද රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පැවසීය.

ආයෝජන මණ්ඩලයට අයත් ඉඩම්වල මෙම කංසා වගා කිරීමට නියමිතය.

ඖෂධීය කංසා වගාව සඳහා ආයෝජකයන් කැඳවීමට අදාළ නීති රෙගුලාසි සකස් කිරීම සඳහා නෛතික බලය ආයුර්වේද දෙපාර්තමේන්තුවට නොමැති බැවින්, එම අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.

කංසා වගා කිරීමට අදාළව ආයෝජකයන් රැසක් ඉදිරිපත්ව සිටින බවත්, ඊට අදාළ කටයුතු සියයට 90 ක් පමණ අවසන් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාත්, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඝෘජුව සම්බන්ධ වන සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව අපනයනය සදහා ඖෂධීය කංසා වගා කිරීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය මීට පෙරදී ලබාගෙන තිබිණි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

  •  සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ‍්‍රී පාද වන්දනාවට විශාල පිරිසක් . . .

Sun Feb 4 , 2024
පාසල් නිවාඩුව නිමවිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් අති විශාල පිරිසක් මෙම සති අන්තය තුලදි පැමිනිමත් සමග නල්ලතන්නිය ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද හට ගෙන ඇත‍. මෙම තත්වයන් පිලිබදව කරන  ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. පි. එස්.  වීරසේකර පවසන ලද්දේ මෙම සති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x