මේ ගමන් මඟෙහිම ඉදිරියට යමු . . .

වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මඟ නිවැරදි බව දැන් මුළු ලෝකයම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මේ ගමන් මඟෙහි ම ඉදිරියට ගොස් යළි සෞභාග්‍යය උදා කරගැනීමට මේ නිදහස් දිනයේ අදිටන් කරගත යුතු බව 76 වෙනි නිදහස් සමරු පණිවිඩයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටී.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

නිදහසින් 75 වැනි වසර සමරද්දී අප බංකොලොත් රටක් ලෙස නාමකරණය වී තිබිණි. නමුත් 76 වැනි නිදහස් දිනය වෙද්දී ඒ තත්ත්වයෙන් මිදී ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපට හැකි විණි. ඒ අනේක දුෂ්කරතා මධ්‍යයේය.

දුෂ්කරතා විඳ දරාගනිමින් රටේ පුරවැසියන් බහුතරය රට යළි ගොඩනැංවීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළට සහායදීම නිසා අපට කෙමෙන් කෙමෙන් ඉදිරියට යෑමට හැකි විණි.

මේ මඟෙහි ම තවත් ඉදිරියට යද්දී, දුෂ්කරතා මැකී යනු ඇත. ජීවන බර සැහැල්ලු වනු ඇත. ආර්ථිකය ශක්තිමත් වනු ඇත. ශ්‍රී ලංකා මාතාව යළි පිබිදෙනු ඇත. 1948 වසරේ ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වූ අවස්ථාවේ ජාත්‍යන්තරයේ අපේක්‍ෂාව වූයේ ලංකාව පෙරදිග දියුණු රටක් බවට පත් වනු දැකීමයි. ඒ සඳහා සියලු පසුබිම් සාධක අප සතු විය. නමුත් අවසානයේ අපට සිදු වූයේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් වීමටය. අතීත වැරදි යළි සිදු නොකළ යුතුය.

රට යළි ගොඩනැංවීමේ අභිමානවත් මෙහෙවරට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වන ලෙස ශ්‍රී ලංකා භූමියේත්, ඉන් පිටතත් වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අධිවේගයේ හෙමින් ගියොත් දඩ . . .

Sun Feb 4 , 2024
අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ දැනට අධිවේගී මාර්ගයේ වාර්තා වී ඇති අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් නියමිත වේගයට ගමන් නොකොට අඩු වේගයකින් රිය පදවන රියැදුරන් නිසා සිදුව තිබෙන බවට අනාවරණය වීමත් සමගය. මේ අනුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x