ශ‍්‍රී පාද වන්දනාවට විශාල පිරිසක් . . .

පාසල් නිවාඩුව නිමවිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් අති විශාල පිරිසක් මෙම සති අන්තය තුලදි පැමිනිමත් සමග නල්ලතන්නිය ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද හට ගෙන ඇත‍.

මෙම තත්වයන් පිලිබදව කරන  ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. පි. එස්.  වීරසේකර පවසන ලද්දේ මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත්ය‍.

මෙම වන්දනාකරුවන් පැමිනි රථ වාහනවලින් නල්ලතන්නිය රථ ගාල් තුනම පිරි ඇති බවත් එයට අමතරව වන්දනාකරුවන් පැමිනි රථ වාහන රාශියක් නල්ලතන්නිය සිට මස්කෙළිය මාර්ගයේ මෝහිනි ඇල්ලද පසු කරමින් නතර කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

මෙසේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියළුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම ගේ උපදෙස් මත විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවද වීරසේකර වැඩි දුරටත් පවසන ලදි.

  • මනුර සුදත් සෙල්ලහේවා
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මං රනිල්ගෙ ගොට්ටෙක් නෙමෙයි . . .

Sun Feb 4 , 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බවට  කළ ප්‍රකාශය හේතුවෙන් තමන් රනිල් වික්‍රමසිංහ ගේ ගොට්ටෙකු බවටත්, පක්ෂය කැඩීමට සූදානම් වන බවටත්, රාජපක්ෂලාට විරුද්ධ බවටත් ඇතැමුන් කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය. මේ මොහොතේ රනිල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x