ඉන්දීය ණයෙන් බෙහෙත් ගේන්න අත්සන් කලේ බැසිල් . . .

ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ප‍්‍රශ්ණගත එන්නත් තොගය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමිනි.

‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාට නීතිපතිවරයා චෝදනාවක් එල්ල කළා. නමුත් ඊට අත්සන් තැබුවේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වන මාගේ සේවාදායකයා නොව එවකට මුදල් ඇමැතිවරයාට සිටි බැසිල් රාජපක්ෂ විසිනුයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමට අදාළ අවසරය ලබා දුන්නේ මුදල් අමාත්‍යංශය විසිනුයි. එම නිසා බැලූ බැල්මට මාගේ සේවාදායකයා කිසිදු වරදක් කරලා නැහැ’

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොරිය සමඟ හුලන්දාව ඔයට පාලම කඩා වැටෙයි . . .

Mon Feb 5 , 2024
ඇැඹිලිපිටිය කුඹුගොඩආර පාලම මතින් කොට ලොරියක් ගමන් කරමින් තිබියදී   ලොරි රථය සමගම  අද (05) එම පාලම  හුලන්දාව ඔයට කඩා වැටී ඇත. තෝරකොලයාය දෙස සිට කොටන්  තොගයක් රැගත් ලොරි රථය පාලම මතින් ඇඹිලිපිටිය දෙසට ගමන් කරමින් සිටියදි එම අනතුර සිදුවී ඇති අතර එහි රියදුරුට අමතරව ලොරි රථ සහයකයෙක් ගමන්කර ඇති බවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x