වැරදිකරුවන්ට නිවාස අඩස්සියට . . .

සිවිල් වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින් නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙලක් මේ වසරේ ක්‍රියාත්මක කිරීමට අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න කියා සිටියේ, අදාළ වැඩසටහන යටතේ නිවාස අඩස්සියේ තැබූ පුද්ගලයින් GPS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කරන බවත්, බන්ධනාගාරවල තදබදය අවම කිරීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

ඒ අනුව නිවාස අඩස්සියේ තබාගෙන අධිකරණයෙන් පනවා ඇති කොන්දේසි පිළිපැදීම සඳහා, බන්ධනාගාර නිලධාරීන් සහ ළඟම ඇති පොලිස් ස්ථානය මඟින් වැරදිකරුවන් අධීක්ෂණය කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව අවශ්‍ය නීති කෙටුම්පත් කරමින් සිටින අතර එය අවසන් වූ පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළාය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මීගමුවේ ලෙල්ලම . . .

Mon Feb 5 , 2024
ලෙල්ලම යනුවෙන් ජනප්‍රිය වී ඇති මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපොළ පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය නීයෝග කර තිබේ. මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නංගර විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පිටිපන එක්සත් ධීවර සමිතියේ නිලධාරි මණ්ඩලයට එරෙහිව අගරදගුරු හිමිපාණන් ගොනුකර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x