ෆවුසිට ‌එරෙහි නඩුව යළි කැදවයි . . .

ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටි කාලයේදී නෙදර්ලන්තය පරිත්‍යාග කළ සුඛෝපභෝගී රථයක් පෞද්ගලික පරිහරණයට යොදාගනිමින් රජයට රුපියල් ලක්ෂ 10 ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට එරෙහි නඩුව යළි ලබන 29 වනදා කැඳවීමට මහාධිකරණය නියෝග කර ඇත.

මහාධිකරණ විනිසුරු ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඉදිරියේ එය අද (05) කැඳවූ අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේ මන්ත්‍රීවරයාගේ ඇඟිලි සළකුණු ලබාගෙන යළි වාර්ථාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

එහිදී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා ඉල්ලා අස්කරගන්නා ලෙස තමන් ලිඛිතව පසුගිය මස 16 වනදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කළ බවයි.

ඒ සම්බන්ධයෙන් සළකා බලන බව පවසමින් එම කොමිසන් සභාව පසුගිය විසි හතරවනදා තමන් වෙත පිලිතුරු ලිපියක්ද එවා තිබූ බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අනුර ඉන්දියාවෙන් කැදවයි . . .

Mon Feb 5 , 2024
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු එම පක්‍ෂයේ කණ්ඩායමක් අද දිනයේ ඉන්දියාව බලා පිටත් යාමට නියමිතව තිබේ. ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ හා එහි විධායක අනිල් ජයන්ත  මෙම සංචාරය සඳහා එක්වෙයි. lanka C […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x