ජපන් රූ රැජිනට කිරුළ අහිමි වෙයි . . .

විවාහක පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධයක් ඇති බව තහවුරු වීම හේතුවෙන්, ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ෂිනෝ නමැති යුවතියට, එම කිරුළ ආපසු බාර දීමට සිදුවී ඇතැයි ජපන් ටැබ්ලොයිඞ් පුවත්පත් වාර්තා කරයි.

ටැබ්ලොයිඞ් පුවත්පත් අනුව, යුක්රේනයේ උපන් ජපන් ජාතිකයකු වන කැරොලිනා ෂිනෝ අනියම් ඇයුරක් පවත්වා ඇත්තේ විවාහක වෛද්‍යවරයකු සමඟය.

ඇය ඒ සම්බන්ධයෙන් තොරතුරු වසං කළ බවත්, රූ රැජින තරගයේ සංවිධායකයන්ට බොරු කී බවත් අනාවරණය වී ඇත.

කෙසේ නමුත් කැරොලිනා ෂිනෝ පවසා ඇත්තේ, තමන් එම වෛද්‍යවරයා ඇසුරු කළේ ඔහු විවාහකයකු බව නොදැන බවය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජාතික නාවිකයින්ගේ දිනය . . .

Tue Feb 6 , 2024
මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි. මෙරට දේශීය ආර්ථිකයට නාවිකයින් දක්වන දායකත්වය ඇගයීම සහ නාවික වෘත්තීය සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කරගැනීම මෙමගින් අරමුණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x