අපස්මාරය දරුවාට වැරදි බෙහෙත් දීලා . . .

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂ වෛදවරුන්ගේ සායනයෙන් නිර්දේශ කළ බෙහෙත් එම රෝහලේ බෙහෙත් කවුළුවෙන් වැරදියට නිකුත් කිරීමෙන් පසුව පාවිච්චි කළ සිය 17 හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා දැඩිව රෝගී වී රෝහල්ගත කර ඇති බව මාතර, රොටුඹ ප්‍රදේශයේ මව්පිය දෙපළක් කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයාට ලිඛිතව පැමිණිළි කර තිබේ.

එම දරුවා උපතින්ම අපස්මාර රෝගයෙන් පෙළීම හේතුවෙන් 2006 වසරේ සිට කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂ වෛදවරුන්ගේ සායනයෙන් අඛණ්ඩව බෙහෙත් ගන්නා බවත් පසුගිය ජනවාරි මස 3 වැනිදා අවසන් වරට බෙහෙත් ගත් බවත් එම ලිපියේ සඳහන් වේ.

අවසන් වරට ගත් බෙහෙත් පාවිච්චියෙන් පසුව ජනවාරි මස 29 වැනිදා දරුවා දැඩි රෝගී තත්වයට පත්ව මාරවල ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝගී තත්වය උත්සන්න වීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවත් එම ලිපියෙන් කියයි.

ඉන් පසුව දරුවාගේ රුධිරයේ ‘හිමෝග්ලෝබීන්’ ප්‍රමාණය අඩුවන්නේ යැයි හදුනාගත් වෛද්‍යවරු ‘අපස්මාර’ රෝගයට නිකුත් කර ඇති බෙහෙත් පරීක්‍ෂා කිරීමේදී රුධිර කැටි ගැසීම වළක්වන බෙහෙතක් නිකුත් කර ඇතැයි හදුනාගත් බවත් වැරදියට නිකුත් කර ඇති බෙහෙත සාමාන්‍යයෙන් දිනකට එක පෙත්තක් පමණක් නිර්දේශ කරන බෙහෙතක් වුවද සිය දරුවාට දිනකට දෙවරක් පෙති 4 ක් ගන්නා ලෙස නිර්දේශ කර තිබූ බවත් මව්පියෝ පවසති.

මෙම තත්වය හේතුවෙන් දරුවාගේ ජීවිතය දැඩි අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවත් මෙවැනි සෞඛ්‍ය සේවකයන්ට එරෙහිව කටයුතු කර සාධාරණය ඉටුකරන ලෙස ද මව්පියෝ කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයාගෙන් ඉල්ලා සිටිති.

මෙම සිද්ධිය පිළිබඳව දැනගැනීමට කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයා දුරකථනයෙන් සම්බන්ධ කරුගැනීමට උත්සහ කළ ද අධ්‍යක්‍ෂවරයා රැස්වීමක සිටින නිසා සම්බන්ධ කළ නොහැකි යැයි පැවසීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොතරැයි වර්ජනය දිගටම . . .

Wed Feb 7 , 2024
ලොතරැයි සඳහා මෙතෙක් දුන් ශත 50 ක කොමිස් මුදල අඛණ්ඩව දෙන ලෙස ඉල්ලමින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය හෙට (8) දිනයේ ද ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් අද (7) පස්වරුවේ පැවසීය. වර්ජනය අවසන් කළේ යැයි ලොතරැයි ආයතන දෙකම බොරු ප්‍රචාර සමාජගත කරමින් සිටින බවත් මෙතෙක් දුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x