කෝටි 37 මැණික් ජාවාරම . . .

යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත  නීති විරෝධි අයුරින් විකිණීමට උත්සහ කරන ලද කාකා නිල් මැණික් (Sapphire Blue Stone) 2ක් කොස්ලන්ද පොලිසිය විසින්  සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙයි.

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් මැණික් ගල් රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු අතර, මෙම සිදුවීමට සම්බන්ධව වැලිවේරිය ප්‍රදේශයේ හිමි නමක් ඇතුළුව සැකකරුවන් දෙදෙනෙකු කොස්ලන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්වු මැණික් ගල්  චෛත්‍යක හැඩයකින් යුක්ත වන අතර, එම මැණික් ගල් නිධන් වස්තු විනාශ කිරීම මගින් ලබා ගෙන ඇති බවට සැක පලකරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර  විමර්ශන  කොස්ලන්ද පොලිසිය විසින් සිදුකරනු ලබයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සජිත් ඉන්දියාවට කැදවයි . . .

Thu Feb 8 , 2024
සමගි ජන බලවේගයට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා රජයේ නිල ආරාධනා ලැබේ ඇතැයි වාර්තා වෙයි. පක්ෂ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මේ බව සඳහන් කළේය. ජාතික ජන බලවේග නායකයන් ඉන්දියාවේ සංචාරයක නිරත වීමත් සමග සමගි ජන බලවේගය ද එවන් සංචාරයක් අපේක්ෂාවක් බලාපොරොත්තුවෙන් පසු වූ බව වාර්තා වෙයි. ඒ අනුව ඉන්දීය පාර්ශවයෙන් ඒ සදහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x