සනත් නිශාන්තගේ මරණය සැකසහිතයි . . .

තම ස්වාමිපුරුෂයාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ, රිය අනතුර සම්බන්ධයෙන් නිර්මාණය වූ සමාජ මතවාදය ද සැලකිල්ලට ගෙන යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා ‘මව්බිම’ට පැවසීය.

නොඑසේ නම්, අනතුර සිදු වූ අවස්ථාවේ ජීප් රථය පැදවූ රියැදුරු ඍජුව ම ඉලක්ක කර ගෙන මෙම පැමිණිල්ල නොකළ බව ප්‍රියංකා කීවා ය.

නීතිඥ චමරි ප්‍රියංකා මෙම අදහස් පළ කළේ ‘මව්බිම’ කළ විමසීමකට පිළිතුරු වශයෙනි.

“කිසියම් පුද්ගලයෙකු දඬු කඳේ ගසනවාට වඩා සැබැවින් ම මෙම අනතුරට හේතුව සොයා ගැනීම පැමිණිල්ලේ අරමුණ” යැයි ද ඇය පැවසුවා ය.

සනත් නිශාන්ත ගේ හදිසි මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ පාර්ශවලින් මතුවන මතවාද “තම සිතට මහත් බලපෑමක්” යැයි ද ඒ අනුව මෙම අනතුරට සැබෑ හේතුව සොයාගැනීම තම එක ම වුවමනාව යැයි ද ප්‍රියංකා වැඩිදුරටත් සඳහන් කළා ය.

මෑත කාලයේ මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් මෙන් ම රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයෙකු වූ හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා පසුගිය ජනවාරි 25 වන දා ජීවිතක්ෂයට පත්වූයේ කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකිනි.

අනතුරෙන් පසුව සනත් නිශාන්ත ගමන් කළ රථය පැදවූ රියැදුරා වන ප්‍රභාත් එරංග පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය 5 වන දා ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කරනු ලැබීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සැක සහිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ මතයක් ද නිර්මාණය වී තිබේ.

  • Mithun Jayawardhana
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බදු නැතුව ගෙන්නපු දුරකථන තොගයක් අල්ලයි . . .

Thu Feb 8 , 2024
තීරු බදු නොගෙවා නීති විරෝධි අයුරින් මෙරටට ගෙන්වූ ජංගම දුරකථන තොගයක් සහ උපාංග තොගයක් සැකකරුවෙක් සමග විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (07)  කොළොන්නාවේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 අබ්දුල් හමීඩ් මාවතේ පදිංචි 31 හැවිරිදි අයකු වේ. වැල්ලම්පිටිය පොලිස් වසමට අයත් කොළොන්නාව, විහාර මාවතේ අංක 16/01 ලිපිනයේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x