ලංකාවෙන් හමුවූ විශාලතම සෙල්ලිපියේ සැඟවුණු තොරතුරු . . .

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය වන දිඹුලාගල සෙල්ලිපිය පිළිබඳ කළ ගවේෂණ කමිටුවේ මූලික වාර්තාව බුද්ධ ශාසන අමාත්‍යවරයාට බාර දීම ඊයේ (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදුවුණා.

මෙම සෙල්ලිපිය කිස්තුපූර්ව දෙවන සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට අයත් එකක් බවට තීරණය කළ බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ.

එමෙන්ම සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 10ක් සහ ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 6ක් හාමුවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළා.

අදාළ ශිලා ලේඛනයේ සැළකිය යුතු ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති බවත් එය සමස්ථ ලේඛනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 60ක් පමණ වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව ඉතිරි සියයට 40කට කොටස අතරින් හඳුනාගෙන ඇති අක්ෂර පේළි අනුව දළ අර්ථයක් සකස්කරගැනීමට ද හැකි වූ බව මහාචාර්යවරයා ප්‍රකාශ කළා.

එහි බ්‍රාහ්මීය අකුරු 24ක් උපයෝගී කරගනිමින් සකස් කර ඇති අතර මුළු ශිලා ලිපියේම අකුරු 1000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති බව සඳහන්.

භික්ෂූන් වහන්සේලාට ජලය අත්‍යවශ්‍ය වන බැවින් එම කඳු මුදුනට ජලය සැපයීමක් ගැනද එම ශිලා ලේඛනයේ සටහන්ව ඇති බවත්, ස්වාමීන් වහන්සේලාට ලෙනක් පූජා කිරීම ගැනත් දාගැබක් කරවා පූජා කිරීම පිළිබඳවත් මෙම සෙල් ලිපියේ සඳහන් ව ඇති බවත්, ඔහු සඳහන් කළා.

2023 වසරේ ජූලි මස 10 වනදා මෙම සෙල්ලිපිය හඳුනාගනු ලැබූ අතර මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ අතිරේක ලේකම් කේ. ඒඩී. ආර්. නිශාන්ති ජයසිංහ සහකාර අධ්‍යක්ෂ බුද්ධි නාගොඩවිතාන ඇතුළු නිලධාරින් පිරිසක් එක් වුණා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තක්සේරු මුදලට අඩුවෙන් ‘විසුම්පාය‘ දෙන්නේ නැහැ . . .

Fri Feb 9 , 2024
රජයේ තක්සේරු මුදලට වඩා අඩුවෙන් විසුම්පාය ගොඩනැගිල්ල කිසිවිටෙකත් ආයෝජකයන්ට ලබා නොදෙන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවට අඩුවෙන් විසුම්පාය ආයෝජකයෙකුට ලබා නොදීමට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ද තිබෙන බවයි. රුපියල් බිලියන 8 වටිනා විසුම්පාය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x