අදට (09) යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව , ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සාව එම හෝටල් පරිශ්‍රයේ දී නිර්මාණය කිරීමට පියවර ගෙන තිබුණි . අගල් 50 දිග මෙම පීට්සා එක කිලෝ ග්‍රෑම් 12 ක බරකින් යුක්ත වෙයි. මෙම පීට්සා ව නිර්මාණය කිරීම […]

රජයේ තක්සේරු මුදලට වඩා අඩුවෙන් විසුම්පාය ගොඩනැගිල්ල කිසිවිටෙකත් ආයෝජකයන්ට ලබා නොදෙන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවට අඩුවෙන් විසුම්පාය ආයෝජකයෙකුට ලබා නොදීමට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ද තිබෙන බවයි. රුපියල් බිලියන 8 වටිනා විසුම්පාය […]

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය වන දිඹුලාගල සෙල්ලිපිය පිළිබඳ කළ ගවේෂණ කමිටුවේ මූලික වාර්තාව බුද්ධ ශාසන අමාත්‍යවරයාට බාර දීම ඊයේ (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදුවුණා. මෙම සෙල්ලිපිය කිස්තුපූර්ව දෙවන සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට අයත් එකක් බවට තීරණය කළ බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර […]

සමාජ අසාධාරණයට රටට බරක් වූ දේශපාලකයින්ට එරෙහිව  පෑනෙන් තෙළිතුඩෙන් සටන් කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ මහතා ඊයේ (07) රාත්‍රියේ සිය ජීවන ගමන නිමා කළේය. ඔහු මියයන විට අසූ අට වියේ පසු විය. චිත්‍ර ශිල්පියෙකු, කවියෙකු, ලේඛකයෙකු, උපහාස රචකයෙකු ලෙස පත්තර කලාවේ සෑම ඉසව්වක ම දස්කම් පෑ ඔහු ජීවිතය අවසානයේ […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් අද (09) පෙරවරුවේ සිදුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රියව එක්වන ලෙස ද ඔවුන්ට ඇරයුම් කළේය. ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට […]

පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් ඇත. අයෝධ්‍යාවේ රාම් කෝවිල වැදපුදා ගැනීම සඳහා ඔහු මෙම සංචාරයේ නිරත වී ඇත. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් අද සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කරන බවත් සදහන්ය. මන්ත්‍රීවරයා අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලයේ පෞද්ගලික මට්ටමින් එරට දේශපාලන ක්ෂෙත්‍රයේ විවිධ […]

යෝජිත පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළහොත් මෙම වසරේදී යළිත් රටේ විදුලි අර්බුදයක් නිර්මාණය වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා පවසා ඇත. මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට විදුලිබල මණ්ඩයේ නිළධාරීන් කඳවා තිබු අතර එහිදී පසුගිය කාලය තුළ […]

ජෝර්දානයේ පවත්වා ගෙන යමින් තිබූ තිබූ ඇගලුම් කර්මාන්තශාලා දෙකක ආයෝජකයන් එහි සේවය කළ සේවකයින්ට නොදන්වා අතුරුදහන් වීම නිසා වසා දැමීමට ලක් වී තිබූ එම කම්හල් වල  අසරණ වී සිටි සේවක සේවිකාවන් 66 දෙනෙකු අද (09) අලුයම තමන්ට හිමි සියලුම වරප්‍රසාද ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. ජෝර්දානයේ අසිල් […]

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ පාලනය වන කොළඹ පුරහළ ප්‍රධානම රාජ්‍ය ඔසුසලේ සේවකයන් දීමනා පිළිබඳව ගැටලුවක් හේතුවෙන් එහි දොරටු වසා අද (9) පෙරවරුවේ සිට වර්ජනයක නිතරව සිටිති. ‘2023 සහ 2024 අයවැයට අදාල ජීවන වියදම් දීමනාව වහා ලබාදෙනු’ ලෙස එම ඔසුසලේ ප්‍රධාන දොරටුවේ පුවරු දෙකක් ප්‍රදර්ශනය කර තිබේ. යොහාන් භාසුර / […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.