යලිත් විදුලි අර්බුදයක් එන ලකුණු . . .

යෝජිත පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළහොත් මෙම වසරේදී යළිත් රටේ විදුලි අර්බුදයක් නිර්මාණය වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා පවසා ඇත.

මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට විදුලිබල මණ්ඩයේ නිළධාරීන් කඳවා තිබු අතර එහිදී පසුගිය කාලය තුළ රට තුළ විදුලි අර්බුදයක් ඇති වීම සම්බන්ධයෙන් කරුණු විමසා ඇත.

එහිදී අදහස් දක්වමින් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ප්‍රකාශ කළේ පැවැති රජයන් ගත් ඇතැම් තීන්දු තීරණ සහ විදුලි ජනන සැලසුම් අනුව බලාගාර ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිවිපාක මේ වනවිට ජනතාවට අත්විඳීමට සිදුවී ඇති බව සදහන් කරයි.

සක්‍රීය බලශක්ති විශේෂ භාවිත කරමින් ඉදිරි ජනන සැලසුම් සකස් කිරිම කඩිනමින් සිදුකළ යුතු බවද විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි සඳහන් කරයි.

මෙරට විශාලතම බිම්ගත සූර්ය පැනල විදුලිබලය උත්පාදන ව්‍යාපෘතියේ විදුලිය මිලදීගැනීමේ ගිවිසුම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ඊට අදාළ පුද්ගලික සමාගම අත්සන් තබා ඇත.

එහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය හරහා රටේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරාගැනීමට සුවිශේෂි දායකත්වයක් දක්වනු ඇති බවයි.

මේ අතර ඉන්දීය බලශක්ති සතියට සමගාමීව ඉන්දියානු ඉන්ධන සමාගම සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සාකච්ඡාවක් පවත්වමන් ඉන්දියානු රජය හරහා ඉන්දීය තෙල් සමාගම ඉදිරිපත් කර ඇති නාගපට්නම් සිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි හරහා කොළඹ දක්වා ඉදිකිරීමට නියමිත බහු ඉන්ධන නළ මාර්ගය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව සදහන් කරයි.

සිල්ලර මෙහෙයුම් ඒකාබද්ධ ව්‍යාපාරය යටතේ ආයෝජන සහ ව්‍යාපෘති පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කරගත් බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නාමල් ඉන්දියාවට යයි . . .

Fri Feb 9 , 2024
පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් ඇත. අයෝධ්‍යාවේ රාම් කෝවිල වැදපුදා ගැනීම සඳහා ඔහු මෙම සංචාරයේ නිරත වී ඇත. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් අද සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කරන බවත් සදහන්ය. මන්ත්‍රීවරයා අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලයේ පෞද්ගලික මට්ටමින් එරට දේශපාලන ක්ෂෙත්‍රයේ විවිධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x