රේගුවෙන් රාජසන්තක වූ රථ වාහන පොලිස් දෙපාර්තමේන්තුවට . . .

රේගුව මඟින් රාජසන්තක කරන ලද රථ වාහන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු සම්පාදනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුළු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වැටලීම් සඳහා භාවිත කිරීමට බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 600ක් සහ අලුතින් ආරම්භ වන තවත් පොලිස් ස්ථාන 111ක් සඳහා පොලිසිය කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම රථවාහන ලබා දීම සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය.

නීති විරෝධී ලෙස ආනයනය කිරීම හේතුවෙන් රාජසන්තක වූ ඇතැම් වාහන වසර හතක් පමණ තිස්සෙ දිරා යමින් පවතින බව අමාත්‍යවරයා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත අදාළ වාහන සම්බන්ධයෙන් පවතින නීතිමය බාධාවන් ඉවත් කර ජනතා සුබසිද්ධිය උදෙසා භාවිත කිරීම මෙහි අරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහ බැංකුව බිලියන 64 ක මුදලක් මුද්‍රණය කරයි . . .

Wed Dec 21 , 2022
පසුගියදා රුපියල් බිලියන 64 ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව මුද්‍රණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ, මෙරට ණය පියවීමට බැදුම්කර ප්‍රමාණවත් ලෙස අලෙවි නොවීම හේතුවෙන්. රුපියල් බිලියන 160 ක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් සිදු කරන ලද බැදුම්කර වෙන්දේසියෙන් ශ්‍රී ලංකා මහබැංකුවට උපයාගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 124ක මුදලක් පමණයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x