චර්ම රෝගවල ව්‍යාප්තියක් . . .

පවතින අධික වියළි කාලගුණ තත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

දරුවන්ට මෙම තත්වය දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් හතිය වැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ට වුවද මේ දිනවල නෑමට අවස්ථාව ලබාදිය යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

දිනකට දෙපාරක් හෝ නෑමට ඉඩ ප්‍රස්ථාව දරුවන්ට ලබාදිය යුතු බවත් චර්ම රෝග ඇති අයෙක් නම් උදෑසනට හා රාත්‍රීයට විනාඩි 20ක පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්වය යම් දුරකට පාලනය කරගත හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා‍ පවසයි.

දරුවන් දවල් කාලයට ගෘහස්ත ස්ථානයක ප්‍රායෝගික ක්‍රියාවලි සහ ක්‍රීඩා කටයුතු සිදුකළ යුතු බවත්, නිසි පරිදි ජලය හා දියර වර්ග පානය කිරීමට ලබානොදීමෙන් තාප කම්පන තත්වයන්ට පත්ව මරණ පවා ඇති විය හැකි බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලෝක මැරතන් ශූරයා රිය අනතුරකින් මරුට . . .

Mon Feb 12 , 2024
පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ 24 හැවිරිදි කෙල්වින් කිප්ටම් (Kelvin Kiptum) රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වේ. අනතුර සිදුවන විට කෙන්යානු ක්‍රීඩකයා සිය පුහුණුකරු සමග මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති අතර පුහුණුකරු Gervais Hakizimana ද මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Kaptagat සිට Eldoret දක්වා ධාවනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x