මත්ස්‍ය සංකීර්ණයේ ශීතාගාර පහසුකම් ප්‍රමාණවත් නෑ . . .

මෙරට ප්‍රධානම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය ව්‍යාපාරිකයන් සඳහා ප්‍රමාණවත් ශීතාගාරයක් නොමැති බවත් එයට ධීවර අමාත්‍යංශයේ බලධාරීන් වලකිය යුතු බවත් පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ පැවසීය.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංගමය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ජයන්ත කුරේ එසේ පැවසීය.

එම වෙළෙඳ සංකීර්ණයට ටොන් සියයක ශීතාගාරයක් අවශ්‍ය වුවද දැනට ටොන් තුනක ශීතාගාරයක් පවතින බව කී කුරේ ටෙන්ඩර් ක්‍රියාවලියකින් හෝ පුද්ගලික සැපයුම්කරුවෙකු තෝරාගන්නැයි ධීවර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ලේකම්වරයා සඳහන් කළේය.

එම වෙළෙඳ සංකීර්ණයේ තොග වෙළදසැල් 157 ක සේවකයින් 1000 ක් පමණ සේවය කරන බව  පැවසුවේ දෛනිකව මත්ස්‍ය කපා ඉවත් කර එකතු වන  අපද්‍රව්‍ය  එක් තැනක ගොඩගසා තිබූ බවත්ය.

පෑලියගොඩ නගර සභාව, ධීවර සංස්ථාව සහ ධීවර අමාත්‍යංශය යන ආයතනවලට එම අපද්‍රව්‍ය ගැටලුවක් බවට පත්ව තිබූ බවත් මේ හේතුව මත ධීවර අමාත්‍යංශයේ ද අනුමැතිය මත මත්ස්‍ය අපද්‍රව්‍ය කොම්පොස්ට් කරන කර්මාන්තශාලාවක් මිලියන 50 ක් වැයකර ඉදිකළ බවත් ඔහු වැඩි දුරටත් කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොටුවේ වැසිකිලි ගාස්තුව 50ක් වෙලා . . .

Thu Feb 15 , 2024
පිටකොටුව බැස්ටියන් මාවතේ පවත්වාගෙන යන පොදු වැසිකිලිය පාවිච්චි කරන්නෙකු සදහා අය කරන ගාස්තුව රුපියල් පණහක් දක්වා ඉහල දමා ඇතැයි මගීහු පවසති. ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ඉඩමක ජාතික ගමනාගමන කොමිසම මගින් මෙම පොදු වැසිකිලිය ඉදි කිරීම් කටයුතු සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසමේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා ෂෙරීන් ගෙන් සිදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x