19 හැවිරිදි මුදල් අයකැමිවරිය අත්අඩංගුවට . . .

පෞද්ගලික ආයතනයක සේවය කරමින් රුපියල් 41,921,74.26 ක මුදලක් වංචා සහගතව ලබා ගත් බව කියන 19 හැවිරිදි මුදල් අයකැමිවරියක් කළුතර විශේෂ වංචා විමර්ශණ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පයාගල හල්කඳවිල දූවගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

බේරුවල ,අඹේපිටියගම පුද්ගලික ආයතනය හිමිකරුවෙකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව මෙම සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම වංචාව 2023.06.09 හා 2024.02.06 අතර කාලය තුල සිදුවී ඇති බවත් ,සේවකයින් 12 දෙදෙනෙකු ආයතනයෙන් සේවය කරන බවත්, මුදල් හා ආදායම් අතර වෙනසක් නිරීක්ෂණය වීමෙන් පසු වෙළඳසැලේ පරිඝණක පද්ධතිය හා ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කළවිට පාරිභෝගිකයින් මුදල් ගෙවූ පසු අවස්ථා 1475 කදී අවලංගු කළ බිල්පත් ලෙස දත්ත පද්ධතියේ සටහන්ව කර මෙම මුදල් වංචා කර ඇති බවත් පැමිණිලිකරු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ.

අත් අඩංගුවට ගත් සැකකාරිය අද (15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වති.

  • ලක්ඛිත විද්‍යාසේකර – කළුතර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විදෙස් විශ්ව විද්‍යාල තුනක් ලංකාවේ . . .

Thu Feb 15 , 2024
ජාත්‍යන්තර විශ්ව විද්‍යාල තුනක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය.  අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව ද රාඝවන් කීය. ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x