රනිල් බුදි, ලොක්කෝ ඉහගෙන කති . . .

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ මාසික වැටුප් හා දීමනා රුපියල් නවලක්ෂ හැත්තෑ හතර දහසේ (රු. 974,000) රුපියල් දාසය ලක්ෂ අසූ හත්දහස (1,687,000) දක්වා වැඩි කර ගෙන ඇති අතර ඒ සමාන ශ්‍රේණියේ පසු වන මහ බැංකු ඉහළ නිලධාරීන්ගේද වැටුප් වැඩි කර ගෙන ඇති බව අනාවරණය වේ.

මේ පිළිබඳ මුල්ම ඉඟිය පසුගිය පෙබරවාරි 11 වෙනි දින දේශය පුවත්පතෙන් හෙළි කර තිබුණේ “රුපියල් ලක්ෂ 16ක මාසික වැටුපක් ගන්න ආණ්ඩුවේ ලොක්කෙක්!” යන සිරස්තලයෙනි. එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ “එම අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ අමාත්‍යාංශයේ සේවය කරන්නේ ද්විතීය පදනමින් බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ” යනුවෙනි.

මේ අතර පෙබරවාරි 18 වෙනි දිනට අදාළව වෙළඳපොළට නිකුත් කර තිබෙන අනිද්දා පුවත්පත දේශය පුවත්පතෙන් ඉඟි කර තිබූ කරුණු සවිස්තරව අනාවරණය කර ඇත. එහි සඳහන් ආකාරයට මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ සමාන ශ්‍රේණියේ සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේද වැටුප් රුපියල් නවලක්ෂ හැත්තෑ හතර දහසේ (රු. 974,000) සිට රුපියල් දාසය ලක්ෂ අසූ හත්දහස (1,687,000) දක්වා ඉහළ දමා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුවරුන්ගේ වැටුප් රුපියල් පන්ලක්ෂ අසූහතර දහස් හත්සිය හැත්තෑපහක් (රු. 584,575) සිට රුපියල් දස ලක්ෂ හැත්තෑ අටදහස් අටසිය පනහක් (රු. 1,078,850) දක්වා ඉහළ තමා ඇත. මෙසේ ඉහළ දැමීමට කුලී දීමනා, ස්ටැටූ දීමනාව, එම්ජීටී ආදී දීමනාවන්ද විශාල වශයෙන් ඉහළ දමා ඇති බව වැඩිදුරටත් අනාවරණය කර ඇත.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කථානායකට එරෙහිව නඩු පවරයි . . .

Fri Feb 16 , 2024
ඔන් ලයින් පනත පාර්ලිමේන්තුවේ දෙවෙනි වර කියවා සම්මත කර ගැනීමේදී අනුගමනය කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝග නොතකා කටයුතු කර ඇති බවත් එසේ තිබියදී කථානායක මහින්ද යාපා අබේවර්ධන එම පනත බලාත්මක කරමින් අත්සන් තැබීම අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්ධිරන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. කතානායකට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x