තාවකාලික පැවිදිභාවය ලැබූ රාජපක්ෂ . . .

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදී තාවකාලික පැවිදිභාවය ලබා තිබේ.

ගුණතිලක රාජපක්ෂ මෙලෙස පැවිදි වීම සඳහා ඉන්දියාව බලා ගොස් ඇති අතර අද (පෙබ. 20) දින පෙරවරුවේ ඉසිපතන මූල ගන්ධකුටි විහාරාධිපති පූජ්‍ය රත්මලේ සුමිත් ආනන්ද හා පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ පියනන්ද නායක හිමිවරුන්ගේ උපාධ්‍යායයෙන් යුක්තව ආගමික වතාවත් අනුව බෞද්ධ චාරිත්‍රානුකූලව පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන නමින් පැවිදිභාවයට ඇතුළත්ව ඇත.

කැනඩාවේ පදිංචි වෘත්තියෙන් ඉන්ජිනේරුවරයෙකු වන ගුණතිලක රාජපක්ෂගේ පුත් සඳකැළුම් රාජපක්ෂ ද පූජ්‍ය අම්පාරේ ධම්මාලෝක නමින් මේ අවස්ථාවේදීම තාවකාලික පැවිදිභාවයට ඇතුළත් වී තිබේ.

ගුණතිලක රාජපක්ෂගේ බිරිඳ ද මෙයට කෙටි කලකට පෙර අභාවප්‍රාප්ත විය.

පසුගිය දා පැවති මහනුවර සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ හදිසියේ රෝගාතුර වූ ඔහු රෝහල්ගත කිරීමට ද පියවර ගැනිණි.

කෙටි කලක් තාවකාලික පැවිදිභාවයේ ගත කිරීමට තීරණය කොට ඇති ඔහු මෙම කාලය තුළ දඹදිව සිද්ධස්ථාන රැසක් වන්දනා කිරීමට ද බලාපොරොත්තු වන බව සඳහන් ය.

  • K. L. Suraweera – Kandy
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පළමු ශ්‍රේණියට සිසුන් අඩුවේ . . .

Tue Feb 20 , 2024
උපත් ප්‍රමාණය අඩුවීම නිසා පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කරන ළමුන් සංඛ්‍යාව ලක්ෂ තුනක් දක්වා අඩුවී ඇත. 2012 වසරේදී පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් 345,000 ක් ඇතුළත් කරනු ලැබූවද, 2018 වසරේදී එම සංඛ්‍යාව 328,000ක් දක්වා අඩුවී තිබේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x