පළමු ශ්‍රේණියට සිසුන් අඩුවේ . . .

උපත් ප්‍රමාණය අඩුවීම නිසා පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කරන ළමුන් සංඛ්‍යාව ලක්ෂ තුනක් දක්වා අඩුවී ඇත.

2012 වසරේදී පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් 345,000 ක් ඇතුළත් කරනු ලැබූවද, 2018 වසරේදී එම සංඛ්‍යාව 328,000ක් දක්වා අඩුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ 2022 වසර වන විටදී පළමු ශ්‍රේණියට ඇතුළත් කරන ලද ළමුන් සංඛ්‍යාව ලක්ෂ තුනක් දක්වා අඩුවී තිබෙන බවය.

කෙසේ නමුත්, 2012 වසරේදී පහ ශ්‍රේණියට ළමුන් 327,849 ක් ඇතුළත් කර තිබෙන බවත්, 2018 වසරේදී එය 347,500 ක් දක්වාද, 2022 වසරේදී පහ ශ්‍රේණියට ළමුන් 328,000 ක් ඇතුළත් කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

පාසල් කාල සීමාව තුළදී පාසලින් ඉවත් වන දරුවන් සංඛ්‍යාව (සාමාන්‍ය පෙළ දක්වා) 2012 වසරේදී සියයට 16.07 ක් වුවත්, මේ වනවිට එය සියයට 7 කට වඩා අඩුවී ඇතැයිද ඇමැතිවරයා කීවේය.

මෙලෙස පාසලින් දරුවන් ඉවත්වී ඇත්තේ 6,7,8 සහ 9 යන පන්තිවලදී බවද ඔහු පැවසීය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඩලස් තනිවේ . . .

Tue Feb 20 , 2024
නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට සහාය දීමට තීරණය කර ඇතැයි එම සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි. නිදහස ජනතා සභාව සජිත් ප්‍රේමදාස සමග එක්වූයේ 2022 වසරේදී බවත් ඒ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණ ඡන්දයේදී ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x