සනත් නිශාන්තගේ රියදුරු අධිකරණයේ හඬා වැටේ . . .

“සනත් නිශාන්ත ජීවත්වලො සිටියා නම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මගේ රස්සාවත් නැති කළා. මට ජීවත් වෙන්න විදියක් නෑ” යනුවෙන් හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ රියදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග දුල්නේෂා නැමැත්තා වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන හමුවේ අද (19) කියා සිටියේය.

සන්ත නිශාන්තට මරු කැඳවූ කොළඹ – කටුනායක ආධිවේගී මාර්ගයේ කෙරළපිටිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු එසේ කියා සිටියේය.

මෙම සිද්ධියෙන් අතෘප්තියට පත්වූ බව කියමින් සනත් නිශාන්ත ගේ බිරිඳගේ අයිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් සැකකාර දුල්නේෂා නැමැත්තාට විදේශගත වීම වළක්වාළමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේදී දුල්නේෂා නැමැත්තා හැඩුම්බරව අධිකරණය හමුවේ එසේ පැවසීය.

මෙම සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී සනත් නිශාන්ත ගේ මෝටර් රථයේ ගැටුණු කන්ටේනර් රථයේ රියදුරු මෙන්ම සනත් නිශාන්ත රථය පැදවූ දුල්නේෂා නැමැත්තා ද අධිකරණයේ පෙනී සිටියහ.

මෙම සිද්ධියට අදාලව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ කඳාන පොලිසියේ නිලධාරීහූ මෙම මාරක රිය අනතුරට අදාලව කළ විමර්ශනවල උදෘත ගොනු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇතැයි දැනුම් දුන්හ.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් ලැබුණු පසු මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳව අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන්නේ යැයි කඳාන පොලිසියේ නිලධාරීහූ වැඩි දුරටත් අධිකරණයට දැනුම් දුන්හ.

මෙම සිද්ධියෙන් අතෘප්තියට පත්වූ බව කියමින් සනත් නිශාන්ත ගේ බිරිඳගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් කරුණු ඉදිරිපත්කරමින් මෙම සිද්ධියේ දෙවැනි සැකකරුට එරෙහිව තමන් රහස් පෙලිසියට පැමිණි කර ඇතැයි දැනුම් දුන්නේය.

ඔහු විදේශගත වීමේ සූදානම් ඇති හෙයින් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන්නැයි නීතිඥ ධනරාජ් සමරකෝන් ඉල්ලීමක් කළේය.

ඉදිරිපත්වූ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස සිද්ධියට අදාල විමර්ශන කරන කඳාන පොලිසිය ඉල්ලීමක් කරන්නේ නැතැයි පෙන්වා දුන් අතර අගතියට පත් පාර්ශවයක් කරන ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට අවකාශයක් නැතැයි අවධාරණය කළේය.

ඒ අනුව අගතියට පාර්ශවය කර ඉල්ලීමට අවසර දීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල විමර්ශන කඩිනම් කිරීමට කඳාන පොලිසියට නියම කළේය.

  •  lanka C news

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස්වෙයි . . .

Tue Feb 20 , 2024
ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර එම ධූරයෙන් අද (20) ඉල්ලා අස්විය. තනතුරින් ඉල්ලා අස්වීමේ  ලිපිය බණ්ඩාර මහතා ගෝඨාභය රාජපක්ෂ ට අද (20) යවා ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේදී  ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළේද සුගීස්වර බණ්ඩාර ය. තමා ගෝඨාභය රාජපක්ෂ යටතේ සේවය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x