ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස්වෙයි . . .

ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර එම ධූරයෙන් අද (20) ඉල්ලා අස්විය.

තනතුරින් ඉල්ලා අස්වීමේ  ලිපිය බණ්ඩාර මහතා ගෝඨාභය රාජපක්ෂ ට අද (20) යවා ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේදී  ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළේද සුගීස්වර බණ්ඩාර ය.

තමා ගෝඨාභය රාජපක්ෂ යටතේ සේවය කිරීමට ප්‍රිය වුවත් නොවැළැක්විය හැකි කාරණා හේතුවෙන් සහ  ඔහුට දක්වන ගෞරවයක් ලෙස පෞද්ගලික ලේකම් තනතුරෙන් ඉල්ලා  අස්වීමට  මෙසේ තීරණය කළ බව බණ්ඩාර හිටපු ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

තමාගේ එකම අරමුණ මවුබිම සහ එහි වෙසෙන සහෝදර ජනතාව වෙනුවෙන් සේවය කිරීම බව  පවසන හෙතෙම අපරාජිත රටක් බිහිකිරීම වෙනුවෙන් නව දේශපාලන වැඩපිළිවෙලක් සමග එක්වීමට කටයුතු කරන බවද සඳහන් කරයි.

මව්බිම යළි අපරාජිතව අභිමානයෙන් ගොඩනැගීමට හැකි කණ්ඩායමක් සමග වැඩ කිරීමට තමා නොපැකිලෙන බවද ඔහු  මෙම ලිපියෙන් ප්‍රකාශ කරයි.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලීසියට පාට් දැමූ චීන කත අත්අඩංගුවට . . .

Tue Feb 20 , 2024
වීසා නොමැතිව මෙරට රැදී සිටින චීන කාන්තාවක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් චීන කාන්තාව අද (20) දහවල් අත්අඩංගුවට ගත්බව බේරුවල පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල මංගල මාවතේ පදිංචි 36 හැවිරිදි චීන කාන්තාවක් වන අතර ඇය වලංගු වීසා නොමැතිව බේරුවල මංගල පාරේ නිවසක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x