ආන්දෝලනාත්මක මල්වානේ සුපිරි නිවස . . .

මල්වානේ පිහිටි හිමිකරුවෙකු නොමැති නිවස සහ අක්කර 15ක් පමණ වන ඉඩම පිළිබඳව යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එය යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (පෙබ. 21) මල්වාන නිවස සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ය.

මෙම නිවස රටේ ආන්දෝලනාත්මක නඩුවකට අදාළවූ විෂය වස්තුවක් බව ත් ඉදිරියේදී මෙම ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්ත්වයට පත් කරන බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

“විනාශයට පත්ව තිබෙන මෙම නිවස මේ රටේ ආන්දෝලනාත්මක නඩුවකට අදාළවූ විෂය වස්තුවක් බව කිව යුතු යි. 2015දී පමණ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදී මේ ඉඩම සම්බන්ධ ඔප්පුවල නම් සඳහන් සියලු දෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය කිරීම නිසා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මේ ඉඩම රජයට පවරා ගනු ලැබුවා. අපි ඒ අවස්ථාවේදී මේ නිවස ජාත්‍යන්තර වශයෙන් විනිසුරුවරුන් සඳහා පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් භාවිත කිරීම සඳහා යෝජනා කළා. පසුගිය කාලයේ සිදුවූ ආණ්ඩු මාරුවත් සමග එය සිදු වූයේ නැහැ. දැන් මේ නඩුවේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. මේ අක්කර 15ක පමණ ඉඩම අධිකරණ අමාත්‍යංශය යටතට පවරා ගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්ත්වයට පත් කරනවා. අවාසනාවකට වගේ පසුගිය අරගලය සමයේ රජය සතුව තිබූ ගොඩනැගිලි පවා ගිනි තබා විනාශ කළා.”

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගම්පහ කුඩු මන්ත්‍රීගේ ගෝලයා බේරන්න පොලිසියට බලපෑම් . . .

Thu Feb 22 , 2024
පසුගියදා බියගම පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය (ක්‍රිෂ්ටල් මෙත්ඇම්පටමින්) මිලි ග්‍රෑම් 5,520ක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවෙකු බේරා ගැනීම සඳහා ඇල්ලූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පොලිසියට බලපෑම් සිදු කර තිබේ.ලහිරු මදුශංක නැමැති සැකකරු සතුව අත් අඩංගුවට ගත් මොහොතේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,520ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x