මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් . . .

එළැඹෙන මාර්තු මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇති බවය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ,

“ලබන සඳුදා සිට ඒ කියන්නේ මාර්තු 4 වනදා ඉඳලා අපේ ලංකාවේ තියෙන සියලුම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති කාර්යයන් ඉටුකරන කාර්යාලවලට පැමිණෙන සියලුම සේවාලාභීන් අනිවාර්යයෙන්ම තමාට අදාළ වේලාවක් ඒ අදාළ දිනය තුළ වෙන්කරගෙන අදාළ කාර්යය සඳහා පැමිණීම අනිවාර්යය වෙනවා. මේකට ස්වයංක්‍රීය දුරකථන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා. මේ දුරකථන අංකය වෙන්නේ 2 117 116 කියන එක. තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම තෝරාගත්තාට පස්සේ අවසානයේදී තමන්ගේ දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය තෝරාගන්න තියෙනවා. ඇතුළත් කරාම ඔබතුමාලට සෑම කෙනෙකුටම ඔබතුමාලාගේ තියෙන දුරකථන අංකයට කෙටි පණිවුඩයක් හම්බවෙනවා අදාළ කාර්යය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් වෙලා.

ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වාදීලා තියෙනවා www.dmtappointments.dmt.gov.lk කියලා. වෙබ් අඩවිය හරහාත් එම පහසුකම ලබාගැනීමේ හැකියාව අපි ලබාදීලා තියෙනවා.”

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රටඉඳි ආනයන බද්ද පහළට . . .

Thu Feb 29 , 2024
එළඹෙන රාමසාන් උත්සව සමය වෙනුවෙන් ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි දින දෙක තුළ පහත දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයනික රටඉඳි කිලෝග්‍රෑම් එකක් සඳහා දැනට අය කෙරෙන රුපියල් 200ක විශේෂ වෙ⁣ළෙඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා පහත හෙළීමට නියමිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x