කාසල්රි – මවුස්සාකැලේ ජල මට්ටම පහලට . . .

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

ජලාශ දෙකේම ජල මට්ටම අද (01) දින උදැසන වන විට පිටාර මට්ටමේ සිට අඩි 18 ක දක්වා පහල බැස ඇති බවත්, ජල මට්ටම පහල බැසිමත් සමග ජලාශයට යට වි තිබු දූපත් යලි මතු වෙමින් පවතින බව එම ඉංජිනේරුවන් පැවසිය.

දැනට පවතින ජල ධාරිතාව විදුලි උත්පාදනයට ප්‍රමණාවත් බවත්, ඒ අනුව කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සමාන්‍ය පරිදි සිදු කරන බවද ඉංජිනේරුවන් වැඩිදුරටත් පැවසිය.

  • රංජිත් රාජපක්ෂ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මාර්තු මාසයේ ඉන්ධන මිළේ වෙනසක් නැහැ . . .

Fri Mar 1 , 2024
මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙයි. ඒ අනුව මෙම මාසය තුළ පවතින මිල ගණන් යටතේම ඉන්ධන අලෙවිය සිදුකිරීමට නියමිත බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි. මාසික මිල සංශෝධනයක් සිදුකිරිම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද මෙතෙක් නිසි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x