ඉන්දියන් සාගරයේ ආරක්ෂක මූලස්ථානය ලංකාවේ . . .

ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ.

මොරිසස් දිවයිනේ පැවති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේදී මෙම තීරණයට එළැඹ ඇති අතර ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශයද මෙහිදී එළි දක්වා ඇත.

ඉන්දියාව සහ දකුණු ආසියා කලාපයේ සාගරය ආශ්‍රිත රටවල් වල සහ දකුණු අප්‍රිකා රටවල නියෝජිතයෝද මෙම සමුළුවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක ඉහත යෝජනාව ඉදිරිපත් කර ඇති අතර සමුළුව ඊට එකඟතාවය පළ කර ඇත. මේ අනුව ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ සියලු කටයුතු ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙයි.

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ලබන ජනවාරියේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවීමට නියමිත අතර අනතුරුව එය ස්ථිර ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට නියමිතව පවතී.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බාල පාසල් උපකරණ රට පුරා . . .

Sat Dec 16 , 2023
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. දිවයින පුරා අලෙවි කරනු ලබන ආනයනික පාසැල් උපකරණවල අඩු ප්‍රමිතිය නිසා මේ රටේ පාසල් සිසුන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බව අප සංවිධානය විසින් වෙළදපොළ තුළ සිදුකරන ලද නීරීක්ෂණයකින් තහවුරු විය. ඒ අනුව අප සංවිධානයට නිරීක්ෂණය වූයේ තත්වයෙන් බාල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x