IMF අනුමැතිය ජනවාරි මාසයේදී අපේක්‍ෂිතයි . . .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන අනුමැතිය එළැඹෙන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාලව චීනය සමඟ සාකච්ඡා පැවැත්වීම ප්‍රමාද වූ නිසා මූල්‍ය අරමුදලේ අනුමැතිය දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට නොහැකි වන බව ද අධිපතිවරයා පැවසීය. ණය හිමියන්ගෙන් මුල්‍ය සහතික ලබා ගැනීමට ඔවුන් සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක බවද පවතින තත්වය කළමනාකරණ ගැනීමට හැකිවනු ඇතැයිද අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ණය හිමියන්ගෙ මුල්‍ය සහතික ලැබෙන්නේ නම් ජනවාරි මාසයේදී මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා ගත හැකි බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සමුළුවක් කොළඹ දී අමතමිනි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට බෝනස් නැහැ . . .

Thu Dec 8 , 2022
ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ යැයි පවසන නිසා මෙම වසරේ එහි කිසිදු සේවකයෙකුට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව දැනුම් දුන්නේ යයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ පාඩු ලබන ආයතන වල සේවකයන්ට පාරිතෝෂිත ගෙවිය නොහැකි බවයි. එමෙන්ම දැනට ලංකා විදුලිබල මණ්ඩලයේ පවතින විදුලි ගාස්තු ඉහළ දැමීමට තම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x