ඩිව් ගුණසේකරගෙන් අනාවැකියක් . . .

වාමවාදී දේශපාලන බලවේගවලට සහ දක්ෂිණාංශික දේශපාලන බලවේග නියෝජනය කරන කිසිදු බලවේගයකට එළඹෙන මැතිවරණයකදී බලය ලබා ගත නොහැකි බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර ‘මව්බිම’ට පැවසීය.

දේශපාලනය තුළ මැද මාවතේ පිරිස් බලය මේ වන විට බලවත් ලෙස ගොඩනැගී ඇති අතර එම පිරිස නොමැතිව කිසි ම පාර්ශ්වයකට ආණ්ඩු බලය පිහිටුවීමට නොහැකි යැයි ද ගුණසේකර හිටපු අමාත්‍යවරයා කීය.

රටේ වත්මන් අර්බුද විසඳීමට වමේ එකමුතුකම අත්‍යවශ්‍ය යැයි ද එම නිසා වාමවාදී කණ්ඩායම් එකට එකතු විය යුතු සුදුසු ම කාලය මෙය යැයි ද ගුණසේකර පැවසීය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මේ වන විට සංවිධාන කටයුතු පුළුල් කර ඇති අතර පක්ෂයට නව සංවිධායකයන් පත්කිරීම මේ වන විට සිදුකරගෙන යන බව ද පක්ෂ සභාපති ඩිව් ගුණසේකර පැවසීය.

  • Krishan Jayasuriya
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බස්නාහිර පළාතේ වාර විභාග අත්හිටුවයි . . .

Sun Mar 3 , 2024
බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි  ප්‍රශ්න පත්‍ර දෙක ද පිටවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය  සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්  ද ඉදිරිපත් කර තිබෙයි. dinamina

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x