අධික අවුරුදු වල උපන් මව සහ දියණිය . . .

අධික අවුරුද්දක උපන් මවක මෙම 2024 අධික අවුරුද්දේ දියණියක බිහි කළ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.

උතුරු කැරොලිනාවේ මහාචාර්යවරියක වන කයි සන් දියණිය, ක්ලෝවි ප්‍රසූත සිදු කළේ පසුගිය පෙබරවාරි 29 වැනිදාය.

විදෙස් සම්භවයක් ඇති කයි සන්, උතුරු කැරොලිනා ජනපදයේ, ඩියුක් හෙල්ත් වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියකි.

දියණිය ක්ලෝවි, උපන්නේ පෙබරවාරි 29 වැනි දින උදෑසන 5:12 ටය. දියණියගේ උපන් බර රාත්තල් 6 කි.

අධික අවුරුද්දක් යනු සාමාන්‍ය වසරකට වඩා වැඩි පුර එක් දිනයක් හෝ දින ගණනක් හෝ අඩංගුවන වර්ෂයකි. දින 366ක් සහිත එමෙන්ම පෙබරවාරි මාසයට දින 29ක් ඇති වසරකි.

  • ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගිං ගඟෙන් යළි මතු වූ ගංගල්ගුල්ලා . . .

Sun Mar 3 , 2024
ගංගල්ගුල්ලා අවුරුදු 87කින් පසු යළිත් ලංකාවේ ගංගාවකින් වාර්තා වී තිබිණි. ආඳාගේ හැඩය ඇති මුත් ඉතාම විචිත්‍ර කහ පැහැයකින් යුතුව කළු පැහැති වයිරම් සහිත මාළුවාට ගංගල්ගුල්ලා කියා ගැමියන් කීවේ ගංගාවල ගල් සහිත ප්‍රදේශ අතර රැඳෙමින් ජීවත් වූ බැවිනි. ගංගාවල ජලය එක්වන නිශ්චල තටාක හෝ නිවර්තන වැසි වනාන්තර පරිසරයන් තුළ බොහෝ ගල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x