කඩ කෑම මිල ඉහළට . . .

ආපනශාලා ආහාරපානවල මිල ගණන් ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති හර්ෂණ රූක්ෂාන් පැවසීය.

ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්ද, කිරි තේ එකක මිල රුපියල් 10කින්ද කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්ද ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින්ද වශයෙන් මිල ඉහළ යනු ඇත.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සියලුම සෙබළුන්ගේ පැටිකිරිය සොයයි . . .

Sun Mar 3 , 2024
දැනට හමුදා සේවයේ යෙදී සිටින සෙබළුන්ගේ පවුල් පසුබිම් වාර්තාවක් යළිත් සකස් කිරීමට හමුදා බුද්ධි අංශ පියවර ගෙන තිබේ. මීට හේතුව වී ඇත්තේ පසුගිය කාලයේ වාර්තා වූ පාතාල වෙඩි තැබීම් බොහොමයකට සක්‍රිය සේවයේ යෙදී සිටින හමුදා සෙබළුන් සම්බන්ධ බවට තහවුරු වීමයි. හමුදා සහ පොලිස් සේවයට බඳවා ගැනීමේදී පවුල් පසුබිම ගැන වාර්තාවක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x