පාසල් අධ්‍යාපනයට එන කෘත්‍රිම බුද්ධිය . . .

පාසල් වල 08 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (03) පැවති වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

එළැඹෙන මාර්තු 19 වනදා එහි නියමු ව්‍යාපෘතිය පාසල් 20ක් යොදා ගනිමින් ආරම්භ කරන අතර ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරමින් පවතින බවත් එළැඹෙන වසරේදී එය දීපව්‍යාප්තව ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, මෙරට පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික අධ්‍යාපන අවධියෙහි දරුවන්ට 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දෙමාපියන් විසින් අතිරේක ඉගැන්වීම් කරවමින් ලබා දෙන පීඩනය නතර කළ යුතු බවද අමාත්‍යවරයා පවසයි.

එබැවින් ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නමුත් එහි තරගකාරීත්වය අඩු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන අතරම සිසුන් ඇගයීම සඳහා පන්ති කාමරයෙන් පරිබාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් දරුවන් දක්වන කුසලතා හඳුනා ගනිමින් එම සුහුරු කුසලතා වෙනුවෙන් ඇගයීම් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අපේ ගුවන් සේවයට බෙල්ජියම් ගුවන් යානා දෙකක් එක්වෙයි . . .

Sun Mar 3 , 2024
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින වත්මන් ගුවන් යානා හිගයට පිළියමක් වශයෙන් බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර ඇත. ඒ.- 330 – 200 වර්ගයේ එයාර් බස් වර්ගයේ ගුවන් යානා දෙකක් වන අතර මෙම ගුවන් යානා පැදවීම ද බෙල්ජියම් ගුවන් සේවා නියමුවන් විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x