මුතුකුමාරණ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි . . .

එස්. සී. මුතුකුමාරණ අද (5) කතානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේ ය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ එස්.සී. මුතුකුමාරණ පත් කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන්ගේ ගණන 7ක් වන අතර මොහු මනාප ලැයිස්තුවේ 8 වන ස්ථානය හිමි කර ගෙන තිබිණි.

උද්දික ප්‍රේමරත්න පෙබරවාරි 27 වන දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් විය.

  • Anjali Withanage

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පවිත්‍රාට මැති සබේ විරෝධය . . .

Tue Mar 5 , 2024
මාතර නිල්වලා ව්‍යාපෘතියේ ගැටලු සොයා බලා විසඳීම සඳහා යෝජනාවලියක් සැකසීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට  පත්කර ඇති  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට පවිත්‍රා දේවී වන්නිආරච්චි පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (5) විරෝධය පළ කළහ. මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූවේ  නිල්වලා ව්‍යාපෘතියේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x