සියඹලාපිටිය රනිල් සමග එක්වේ . . .

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

තමන් දැනටද පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස බවත් ජනාධිපතිවරණයේදී අදාල තීන්දුව ගන්නා බවත් ඔහු කියා සිටියි.

‘මම පාර්ලිමේන්තුවේ කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන ස්වාධීන මන්ත්‍රිවරයෙක්. මේ රට අමාරුවේ වැටිච්ච වෙලාවේදී රට භාරගත්තේ රනිල් වික්‍රමසිංහ පමණයි. දැන් රට පුරා ගිහිල්ලා ජනතාව එකතු කරගෙන රැස්වීම් පවත්වන ඔය කවුරුවත් එදා රට භාරගන්න කැමැති වුණේ නෑ.

මම ඒ වෙලාවේ ශ්‍රීලනිපයට යෝජනා කළා ජාතික යුතුකමක් සේ සලකා රනිල් වික්‍රමසිංහ ට උදව් කරමු කියලා. නමුත් ඒ වෙලාවේදී පක්ෂය ඊට එකඟ වුණේ නෑ. ඒ නිසා මම ස්වාධීන මන්ත්‍රිවරයෙක් විදියට රනිල් වික්‍රමසිංහ ට උදව් කරන්න ඉදිරිපත් වුණා. මම හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වුණත් රාජ්‍ය මුදල් ඇමැති තනතුර භාරගත්තේ ඒ නිසයි. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදීත් මේ රට භාර දිය යුත්තේ රනිල් වික්‍රමසිංහ ට කියලා මම කියනවා.’

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි මහ බැංකුවේ සුපිරි ගේමක් . . .

Tue Mar 5 , 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව සම්මත කළ ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තියට හෝ යටත් නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමේ හැකියාව ලබා දී ඇති බව මන්ත්‍රී චරිත හේරත් අද (05) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. මේ බව ඔහු හෙළි කරනු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x