සිවඥානම් ශ්‍රීධරන් ඉල්ලා අස්වෙයි . . .

ඉලංකයි තමිල් අරසු පක්ෂයේ නායකයා ලෙස තේරී පත්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සිවඥානම් ශ්‍රීධරන් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මාවයි සේනාධිරාජා හා පක්ෂයේ පාලනාධිකාරිය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වන ඉලංකයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා නියෝජිතයන් අතරේ ඡන්ද විමසුමක් සිදුවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එම්.ඒ. සුමන්තිරන් හා සිවඥානම් ශ්‍රීධරන් අතරේය. මේ අනුව සිවඥානම් ශ්‍රීධරන් වැඩි ඡන්දයෙන් පක්ෂ නායකත්වයට තේරීපත්විය.

කෙසේ වෙතත් පක්ෂයේ ජාතික මහා සම්මේලනය පසුගියදා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට සූදානම්කර තිබුණු අතර නව නායකයා නිල වශයෙන් පත්කිරීමද මෙදින සිදුකිරීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් ඉලංකයි තමිල් අරසු පක්ෂය මධ්‍යම කාරක සභාව රැස්වූ ආකාරයත් නායකත්වය තෝරාගත් ආකාරයත් පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව කියමින් පක්ෂ නියෝජිතයකු විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවකට අනුව ලබාදුන් තහනම් නියෝගයක් මත පක්ෂ ජාතික මහ සම්මේලනය නොපැවැත්විණි.

මෙවන් තත්ත්වයක් මැද තම පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි වීමත් ඒ හේතුව මත තමන් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවත් ලබන (05 වැනිදා) පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා යළි නායකයා පත්කර ගන්නා ලෙසත් ඉල්ලමින් ශ්‍රීධරන් මන්ත්‍රිවරයා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

කෙසේ නමුත් පක්ෂ නායකත්වය සඳහා පවත්වන ඊළඟ ඡන්දයටද තමා ඉදිරිපත් වන බවද ඔහු දැනුම් දී ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් . . .

Tue Mar 5 , 2024
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති චන්දන ලාල් පැවසුවේ තවත් වෘත්තීය සමිති කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවයි. දුම්රිය රියදුරු සංගමය, දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට එක්වන බව ලොකොමොටිව් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x