ශීතකරණයේ තිබූ පෙම්වතියගේ ශරීර කොටස් . . .

තමන් සමග එකට ජීවත් වූ සහකරු විසින් කාන්තාවක ඝාතනය කරනු ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ දිල්ලි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. 27 හැවිරිදි ශ්‍රද්ධා වල්කාර් පසුගිය මැයි මාසයේදී ඝාතනයට ලක් වී ඇති නමුත් ඇයගේ පියා ඇය අතුරුදන්ව ඇති බව වාර්තා කිරීමෙන් පසු මේ සතියේ ඇයගේ ඝාතනය පිළිබඳව අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව, ඇයගේ සහකරු වූ 28 හැවිරිදි අෆ්තාබ් පූනවාලා නමැත්තෙකු එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඇයගේ ගෙළ සිර කර ඝාතනය කර පසුව ඇයගේ සිරුර කැබලිවලට කපා ඔවුන්ගේ නිවස අසල වනාන්තරයකට දැමූ බව දිල්ලි පොලිසිය සඳහන් කර තිබේ. ඔහු ඇයගේ කැබලි 35 කට කපා ඇති බව ත් පසුව කොටසින් කොටස සිරුරු කොටස් බැහැර කර ඇති බවත්, සිරුරු කොටස් බහා තැබීමට ඔහු ලීටර් 300 ක ශීතකරණයක් ද මිලට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පෙරේදා (15) උදෑසන පොලිසිය සැකකාර පූනවාලා ඔහු සිරුරේ කොටස් බැහැර කළ බව කියන වනාන්තරය ඇති ස්ථානයට ගෙන ගොස් ඇත. වල්කාර් සහ පූනවාලා මුම්බායි නගරයේදී ‘dating app’ එකක් හරහා මුණගැසී ඇති අතර පසුගිය වසර තුනක සිට එකට ජීවත් වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ධනුෂ්ක ඇප මත නිදහස් . . .

Thu Nov 17 , 2022
ඕස්ට්‍රේලියාවේ රැදවුම් භාරයේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත නිදහස් කිරීමට එරට සිඩ්නි මධ්‍යම අධිකරණය නියෝග කර තිබේ. ඇප මත නිදහස් කලද ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ඕස්ට්‍රේලියානු බලධාරීන් රදවාගෙන ඇත. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට එරටට ගිය අතරතුර දී කාන්තාවට ලිංගික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x